පපුවේ ආසාධන

පපුවේ ආසාධනය යනු පෙනහළු වල හෝ ස්වාශනාල වල අසාධනය වේ. සමහර පපුවේ ආසාධන මෘදු වන අතර ඒවා ඖෂධ වලින් තොරව සුව විය හැකි වන නමුත් අනෙක් ඒවා බරපතල සහ ජීවිතයට තර්ජනයක් විය හැක.

ඔබට පපුවේ ආසාධනයක් තිබේ දැයි පරික්ෂා කරන්න

පපුවේ අසාධන සාමාන්‍යයෙන් උන සහ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමෙන් පසුව වැළඳේ. ප්‍රධාන රෝග ලක්ෂණ වනුයේ:

  • සෙම සහිත කැස්ස - කැස්ස සමඟ කොළ හෝ කහ පැහැයට ශ්ලේෂ්මල පිටවීම
  • වීසිං (wheezing) සහ හුස්ම හිරවීම
  • පපුවේ වේදනාව හෝ අපහසුතාව
  • 38C හෝ ඉහල ශරීර උෂ්ණත්වය (උන)
  • හිසරදය
  • මාංශ පේශි වල වේදනාව
  • මහන්සිය

මෙම රෝග ලක්ෂණ අප්‍රසන්න විය හැකිය, නමුත් සාමාන්‍යයෙන් දින 7-10 අතර කාලයක් තුළ ඖෂධ භාවිතයෙන් තොරවම සුව අතට පත් වේ. කැස්ස සහ ශ්ලේෂ්මල පිටවීම සති 3ක් දක්වා තිබිය හැක.

ඔබ විසින් සිදු කල හැකි දේවල්

ඔබට පපුවේ ආසාධනයක් ඇත්නම්, මේවා පිළිපදින්න

  • හැකි පමණ විවේක ගන්න
  • ශ්ලේෂ්මල ලිහිල් කිරීමට සහ පිටතට ගැනීමට පහසු වීම සඳහා බොහෝ ජලය පානය කරන්න
  • වාෂ්ප ආශ්වාස කරන්න (වැඩිහිටියන්ට පමණි) මෙන්තොල් (Menthol) හෝ යුකැලිප්ටස් තෙල් (Eucalyptus oil) මෙයට එකතු කල හැකිය
  • හුස්ම ගැනීමට පහසු වන සේ සහ ඔබගේ පපුවේ ශ්ලේෂ්මල ඉවත් කිරීමට අමතර කොට්ට පාවිච්චි කරමින් නිදා සිටින විට ඔබගේ හිස ඉහලට ඔසවන්න
  • උන අඩුකර ගැනීමට සහ මාංශ පේශි වල වේදනාව අඩු කර ගැනීමට වේදනා නාශක භාවිතා කරන්න
  • උගුරේ අමාරුව ඉවත් කර ගැනීම සඳහා උණුසුම් ලෙමන් සහ මී පැණි පානය කරන්න

පහත දේවල් නොකරන්න

  • පිළිස්සීමේ අවදානමක් ඇති නිසා දරුවන්ට උණුසුම් ජල බඳුන් මඟින් වාෂ්ප ආශ්වාස කිරීමට ඉඩ දීම
  • 16 ට අඩු දරුවන්ට අස්පිරින් ලබා දීම
  • කැස්ස සඳහා ඖෂධ ලබා ගැනීම - මේවා උපකාරී වන බවට ඉතා කුඩා සාක්ෂි ඇත
  • දුම් පානය - මෙමඟින් ඔබේ රෝග ලක්ෂණ වඩාත් දරුණු විය හැක

ඔබගේ පපුවේ අසාධන සඳහා ඖෂධවෙදින්ට උපකාර කල හැකිය

පෙනහළු වල ඇති ශ්ලේෂ්මලය ලිහිල් කිරීම සඳහා ඔබගේ ඖෂධවේදීන් අවහිරතා වලක්වන ප්‍රතිකාර යෝජනා කල හැකිය. එවිට කැස්ස මගින් ශ්ලේෂ්මල පිටතට ගැනීම පහසු වේ. කැස්ස මගින් ශ්ලේෂ්මල පිටතට ගැනීම, පෙනහළු වල ආසාධනය ඉවත් කිරීමට උපකාරී වේ.

ඔබගේ පපුවේ ආසාධනයක් ඇතිදැයි පරික්ෂා කිරීම සඳහා ඔබගේ වෛද්‍යවරයා හමුවන්න:

  • බොහෝ අසනීප ගතියක් ඔබට දැනෙනවා නම් හෝ ඔබගේ රෝග ලක්ෂණ නරක අතට හැරෙනවා නම්
  • රුධිරය හෝ රුධිරය තැවරුණු ශ්ලේෂ්මල කැස්ස මඟින් පිටතට එන්නේ නම්
  • සති 3 කට වැඩි කාලයක් තිස්සේ කැස්ස තිබේ නම්
  • ඔබ ගර්භනී තත්වයේ පසුවන්නේ නම්
  • ඔබ අවුරුදු 65 ට වැඩි නම්
  • ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල නම් - උදාහරණ ලෙස ඔබ දියවැඩියා රෝගියෙකු හෝ රසායනික චිකිත්සක ප්‍රතිකාර (Chemotherapy) ලබා ගන්නේ නම්
  • ඔබට හෘදයාබාධයක්, පෙනහළු හෝ වකුගඩු රෝගයක් වැනි දිගුකාලීන සෞඛ්‍ය තත්වයක් තිබේ නම්

ඔබගේ රෝග ලක්ෂණ බරපතල නම් ඔබට නියුමෝනියාව වැළඳී තිබිය හැක.

වෛද්‍යවරයාගේ ප්‍රතිකාර

ඔබගේ පපුවේ අසාධනය ඇති වුයේ කුමක් නිසාද යන්න මත ප්‍රතිකාර තීරණය වේ:

  • වෛරසය (වෛරල් බ්රොන්කයිටිස් වැනි) - මෙය සති කීපයකින් පසුව මුළුමනින්ම ඉවත්වන අතර ප්‍රතිජීවක ඖෂධ මේ සඳහා උපකාර නොවේ
  • බැක්ටීරියා (නියුමෝනියාව වැනි) - ඔබේ ඔබගේ වෛද්‍යවරයා ඔබට ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කරයි (ඔබගේ රෝග ලක්ෂණ හොඳ අතට හැරෙන බව ඔබට දැනුන ද වෛද්‍ය උපදෙස් පරිදි ඔබගේ බෙහෙත් පංතිය නිම වන තුරු ලබා ගැනීමට වග බලා ගන්න)

ප්‍රතිජීවක ඖෂධ, පපුවේ බැක්ටීරියා ආසාධන වලට ප්‍රතිකාර කිරීමට පමණක් භාවිතා කෙරේ. මෙම වර්ගයේ ආසාධන සඳහා ක්‍රියා නොකරන නිසා උන හෝ වයිරල් බ්‍රොන්කයිටිස් වැනි ආසාධන සඳහා මේවා භාවිත කරනු නොලැබේ. ඔබගේ පපුවේ ආසාධනයට හේතුව සොයා ගැනීම සඳහා ඔබගේ ශ්ලේෂ්මල සාම්පලයක් පරික්ෂා කිරීම අවශ්‍ය වනු ඇත.

පපුවේ ආසාධන අනිත් අයට බෝවීම වලක්වා ගන්නේ කෙසේද:

  • කහින විට හෝ කිවිසුම් යවන විට ඔබගේ මුඛය ආවරණය කර ගන්න
  • නිතිපතා ඔබගේ අත් සෝදන්න
  • භාවිතා කල ටිෂු කඩදාසි ඉක්මනින් ඉවතට විසි කරන්න

පපුවේ ආසාධන වලින් වැළකෙන්නේ කෙසේද

ඔබට නිතර නිතර පපුවේ ආසාධන වැළඳේ නම් හෝ ඔබට පපුවේ ආසාධන වැළඳීමේ වැඩි අවදානමක් ඇත්නම් (උදාහරණයක් ලෙස ඔබගේ වයස අවුරුදු 65 ට වැඩි නම් හෝ ඔබට බරපතල දිර්ඝකාලින සෞඛ්‍ය තත්වයක් ඇත්නම්) ඔබ:

  • වාර්ෂිකව දෙනු ලබන උන එන්නත පිලිබඳව ඔබගේ වෛද්‍යවරයාගෙන් තොරතුරු දන ගන්න
  • ඔබට නියුමොකොකයි එන්නත ලබා ගත හැකි දැයි සොයා බලන්න. මෙය නියුමෝනියාවෙන් වැළකී සිටීමට උපකාරී වේ
  • ඔබ දුම්පානය කරන්නේ නම් දුම් පානය නවත්වන්න
  • ඔබ පානය කරන ඇල්කොහොල් ප්‍රමාණය අඩු කරන්න