ඩෙංගු යනු මදුරුවන් විසින් පතුරුවන වෛරස් ආසාධනයකි. ලෝකයේ බොහෝ ප්‍රදේශ වල මෙය පැතිරී ඇත. බොහෝ මිනිසුන්ගේ ආසාදන මෘදු වන අතර, යම්කිසි දිගුකාලීන ගැටලුවකින් තොරව සතියකින් පමණ සුවවේ. නමුත් කලාතුරකින් එය ඉතා බරපතළ හා ජීවිතයට තර්ජනයක් විය හැකිය. ඩෙංගු සඳහා නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් හෝ පුළුල් ලෙස ලබා ගත හැකි එන්නත් නොමැත. එම නිසා ආසාධනය සොයා ගනු ලැබූ ප්‍රදේශවලට යාමේදී මදුරුවන් දෂ්ට කිරීමෙන් වැලකි සිටීමට උත්සාහ කිරීම වැදගත්ය.

ඩෙංගු රෝග ලක්ෂණ

ඩෙංගු රෝග ලක්ෂණ, ආසාධනය වූ පසු දින 4 සිට 10 දක්වා හදිසියේ වර්ධනය වේ. රෝග ලක්ෂණ වලට පහත දේ ඇතුලත් වේ:

  • 40C (104F) හෝ ඊට වැඩි අගයක් ලබා ගත හැකි ඉහළ උෂ්ණත්වයක් (උන)
  • දරුණු හිසරදය
  • ඇස් පිටුපස වේදනාව
  • මාංශ පේශි හා සන්ධි වල වේදනාව
  • ඔක්කාරය
  • පුලුල්ව පැතිරුනු රතු පැහැති කුෂ්ට
  • ආහාර රුචිය නැතිවීම

සති කිහිපයක් ගියද ඔබට විඩාබර හා තරමක් අසනීප ගතියක් දැනුනද රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් සතියකින් පමණ පහව යනු ඇත. දුර්ලභ අවස්ථාවන්හිදී බරපතල ඩෙංගු රෝගයට මුල් රෝග ලක්ෂණ මතු විය හැකිය.

වෛද්‍ය උපදෙස් ලබා ගත යුත්තේ කුමන අවස්ථාවේදීද

ඩෙංගු වෛරසය සොයාගත හැකි ප්‍රදේශයක සිට ආපසු පැමිණීමෙන් සති දෙකක් ඇතුළත උන රෝගයක් හෝ උණ වැනි රෝග ලක්ෂණ ඇත්නම් ඔබගේ වෛද්‍යවරයා හමුවන්න. ඔබ ගමන් කරමින් සිටි ස්ථාන ඔවුන්ට පවසන්න. ඔබගේ අසනීපය සුව කිරීම සඳහා උපකාරී කිරීමට වෛද්‍යවරයාට හැකි වන්නේ සුළු වශයෙනි. නමුත් ඔබගේ රෝග ලක්ෂණ වලට වෙනත් හේතුවක් තිබිය හැකි බැවින් නිවැරදි රෝග විනිශ්චයක් ලබා ගැනීම වැදගත් වේ. ඔබට ඩෙංගු වැළඳී ඇති බවට තහවුරු කර ගැනීම සඳහා රුධිර පරීක්ෂාවක් කිරීම අවශ්‍ය විය හැක.

ඩෙංගු සඳහා ප්‍රතිකාර

ඩෙංගු සඳහා පිලියමක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් නොමැත. මේ සඳහා හේතුවන ආසාධනය ඇතිවිට, රෝග ලක්ෂණ ලිහිල් කිරීම ප්‍රතිකාර වලින් සිදු කෙරේ. ඔබට ඔබ විසින්ම නිවසේදී ඔබව රැක බලා ගැනීමට පුළුවන් වේ. පහත සඳහන් දෑ උපකාරී විය හැක:

  • වේදනාව සහ උන සමනය කිරීම සඳහා පැරසිටමෝල් (Paracetamol) ඖෂධය ලබා ගන්න. ඩෙංගු රෝගීන්ට රුධිරය වහනය වීමේ ප්‍රශ්න ඇතිවිය හැකි බැවින් අස්පිරින් (Aspirin) හෝ අයිබියුප්රොෆෙන් (Ibuprofen) යන ඖෂධ ලබා ගැනීමෙන් වලකින්න
  • විජලනය වලක්වා ගැනීම සඳහා දියර වර්ග හැකි පමණ පානය කරන්න. ඔබ විදේශ ගතව සිටිනම්, නිසි මුද්‍රා තබන ලද බෝතල්වල වතුර පමණක් පානය කරන්න
  • හැකි පමණ විවේක ගන්න

ඔබට යථා තත්වයට පත්වීමට සති කිහිපයක් ගත වුවද, සතියක පමණ කාලයකින් ඔබට සුව වන බව දැනෙන්නට පටන් ගනී. ඔබේ රෝග ලක්ෂණ හොඳ අතට පත්වූවේ නොමැති නම් ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

ඩෙංගු පැතිරෙන්නේ කෙසේද

ආසාධනය වූ මදුරුවන් මගින් ඩෙංගු ව්‍යාප්ත කෙරේ. මෙම මදුරුවන් දහවල් කාලයේදී දෂ්ට කරයි. බොහෝ විට උදේ පාන්දර හෝ සවස් කාලයේ (සන්ද්‍යා කාලයට පෙර). බොහෝ විට මෙම මදුරුවන් පල්වෙන ජලය ඇති ස්ථාන වන ලිං, ජල ගබඩා ටැංකි හෝ පැරණි වාහන ටයර් වැනි ස්ථාන වලින් සොයා ගත හැක. ඩෙංගු පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිරෙන්නේ නැත. මෙම වෛරස් වල එක්තරා විචල්යයකට පමණක් ප්‍රතිශක්තිකරණය ඇතිවන නිසා කලින් ඩෙංගු වැළඳුනි නම් ඔබට නැවතත් වැළඳිය හැක.

ඩෙංගු වලින් වැලකීම

ඩෙංගු රෝගය සඳහා පුළුල් වශයෙන් ලබා ගත හැකි එන්නත් දැනට නොමැත. මදුරුවන් විසින් දෂ්ට කිරීම වලක්වා ගැනීම තුලින් ඔබට මෙම රෝගයෙන් වැළකිය හැක. පහත දැක්වෙන ක්‍රම මඟින් ඔබට මදුරුවන් දෂ්ට කිරීමේ අවදානම අඩු කර ගත හැකිය:

  • කෘමි විකර්ෂකයක් භාවිතා කිරීම- 50% DEET අඩංගු නිෂ්පාදන බොහෝ පලදායි වේ. නමුත් අඩු සාන්ද්‍රණයක් ඇති (15%-30% DEET) දරුවන් සඳහා භාවිතා කල යුතුවේ. මාස දෙකකට වඩා වයසෙන් අඩු කුඩා දරුවන් සඳහා DEET වලට විකල්ප භාවිතා කල යුතුය
  • ලිහිල් එහෙත් ආරක්ෂිත ඇඳුම් ඇඳීම - මදුරුවන්ට තද ඇදුම් අතරින් දෂ්ට කල හැකිය -; කලිසම්, ඇත දිග ෂර්ට් සහ මෙස් හා සපත්තු (සැන්ඩල් නොව) කදිමයි
  • මදුරු දැලක් ඇතුලත නිදා ගන්න.- මදුරුනාශක වලින් පිළියම් කර ඇති දැල් සුදුසුය
  • ඔබේ පරිසරය ගැන දැනුවත් වන්න - නාගරික ප්‍රදේශ වල එකතැන රැඳෙන වතුර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වේ

බරපතල තත්වයේ ඩෙංගු

කලාතුරකින් ඩෙංගු ඉතා බරපතළ හා ජීවිතයට තර්ජනයක් විය හැකිය. මෙය බරපතල ඩෙංගු හෝ ඩෙංගු රක්තපාත උන ලෙස හැඳින්වේ. ඩෙංගු රෝගයට ගොදුරු වූ පුද්ගලයින් නැවත ඩෙංගු රෝගයට ගොදුරු වූ විට ඩෙංගු රෝගයට ගොදුරු වීමේ අවදානමක් ඇති බව විශ්වාස කෙරේ. සංචාරකයන්ට එය සැදීම ඉතා දුර්ලභය. බරපතල ඩෙංගු රෝගයේ සංඥා වලට පහත දේ ඇතුලත් කල හැකිය:

  • උදරයේ ඇතිවන දරුණු වේදනාව
  • උදරය ඉදිමීම
  • දිගටම පවතින වමනය සහ රුධිරය වමනය වීම
  • විදුරුමස් වලින් ලේ ගැලීම හෝ සමට යටින් ලේ ගැලීම
  • හුස්ම ගැනීමේ දුෂ්කරතා හෝ වේගවත් හුස්ම ගැනීම
  • සීතල, සීතල සහිත සම
  • දුර්වල නමුත් වේගවත් හර්ද ස්පන්දනය
  • නිදිබර වීම හෝ සිහි මද ගතිය

ඔබට බරපතල ඩෙංගු රෝග ලක්ෂණ ඇත්නම් වහාම ඔබ වෛද්‍ය උපදෙස් ලබාගන්න